Tuesday 15 May 2012

Architecture for All...

උසස්‌ පෙළ කලා අංශයේ ප්‍රථමයාට සරසවි වරම් අහිමි වෙයි

නිලන්ත මදුරාවල

පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයට කලා අංශයෙන් පෙනී සිට දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානයට පත්වූ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහලේ සචින්තනී කෞෂල්‍යා ශිෂ්‍යාවට මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි වීම නිසා මෙවර (2012) යළි විභාගයට පෙනී සිටියි.

එම විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය හැදැරීම සඳහා සිසුවිය අපේක්‍ෂාවෙන් සිටි නමුත් ඇය පෙනී සිටි භූගෝල විද්‍යාව, චිත්‍ර හා සිවිල් තාක්‍ෂණය යන විෂය සංකලනය අනුව එම පාඨමාලාව හැදැරීම සඳහා ඇතුළත්වීමට නොහැකි වී ඇත.

සිංහල, සංස්‌කෘත හා පාලි වැනි විෂයයන්ගෙන් උසස්‌ පෙළට පෙනී සිටි සිසුන්ට පවා ගෘහ නිර්මාණ ශිල්පය හැදැරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට හැකි වුවත් එම පාඨමාලාවට සමීප විෂය ක්‍ෂේත්‍රයක්‌ වන සිවිල් තාක්‍ෂණය හැදැරුවකුට ඒ සඳහා ඇතුළත් වීමට නොහැකි වී ඇතැයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවසීය. මොරටුව විශ්වවිද්‍යාලයේ එම පාඨමාලාවට ඇතුළත් වීම සඳහා ප්‍රායෝගික පරීක්‍ෂණයකට පෙනී සිටිය යුතු යෑයිද සිසුවිය විභාගයට පෙනී සිටි සිවිල් තාක්‍ෂණ විෂය ප්‍රායෝගික පරීක්‍ෂණයට පෙනී සිටීම සඳහා සුදුසුකමක්‌ නොමැති බවද කී දිසානායක මහතා විවිධ පාඨමාලාවලට ඇතුළත් කර ගැනීම සඳහා ප්‍රායෝගික පරීක්‍ෂණයන්ට පෙනී සිටීමට සිදුවීම සිසුන්ට හිසරදයක්‌ මෙන්ම අසාධාරණයක්‌ බවද කීවේය.
 

as appeared in Divaina 16.05.12 


http://www.divaina.com/2012/05/16/news22.html